අපි ගැන

මෙහෙවර
ඉගෙනුම් ඉගැන්විමී ක්‍රියාවලිය තුළ සාරධර්ම අගයන සහජීවනයෙන් කටයුතු කරන පරිසර හිතකාමී නිරෝගිමත් දියණියක ලොවට තිළිණ කරමු.

අපගේ දැක්ම
අප පාසලේ ඉතිහාසය

වත්මන් විදුහල්පති
ඩබ් එන් පී පෙරේරා

2005-2009
එස් ආර් බීටා තිසේරා

1999-2005
එස් ආර් ඉවෙන්ජලින් ජයසූරිය
අප පාසලේ ඉතිහාසය
පාසලේ ඉගෙණුම ලබන දරුවන්ගේ සමාජ හා ආර්ථික පසුබිම.
සමාජ සංස්කෘතික වශයෙන් ගත් කල බොහෝ දෙනෙකු කතෝලිකයින් වන හෙයින් ඉතාම සුළුතරයක් බෞද්ධාගමිකයන් වේ. දරුවන්ගේ සමාජ ආර්ථික පසුබිම පිළිබඳ මූලිකව විග්‍රහර බැලුවහොත් අපට හඳුනාගත හැකි උප සංස්කෘතීන් කිහිපයකට අයත් දරුවන් මෙහි ඉගෙනුම ලබයි.
ඉතාලිය ප්රමුඛ කොටගත් විදේශගත පවුල්වල දරුවන්, එමෙන්ම රජයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ දරුවන්, ධීවර කර්මාන්තයේ හා ඊට සම්බන්ධ විවිධ වෘත්තීන්වල යෙදෙන දෙමාපියන්ගේ දරුවන්, මෙන්ම විවිධ ස්යං රැකියා හා කුඩා වෘත්තීන් වල යෙදෙන්නන්ගේ දරුවන් ලෙස හඳුනාගත හැකිය. විදේශගත දෙමාපියන් සිටින දරුවන් වසරකට එක් වරක හෝ කෙටි කලකට විදේශගත වීම දැකගත හැකි සුලබ සිදුවීමකි. රාජ්‍ය සේවයේ යෙදෙන දෙමාපියන් ලෙස දැක්වූ පිරිසෙහි විධායක ශ්‍රේණියේ සිට කණිෂ්ට කාර්ය මණ්ඩල දක්වාම විහිදී ගිය දෙමාපියන් සිටී. ධීවර කර්මාන්තය හා ඒ ආශ්රිත රැකියාවල යෙදෙන දෙමව්පියන් ගත්කල විවිධ පරිමාණ මත්ස්‍ය ව්‍යාපාරිකයන් මෙන්ම ඉතා සුළු ධීවර කර්මාන්තයේ යෙදෙන දෙමව්පියන් ද ඒ අතර සිටී.
අවට ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ දරුවන්ට මූලිකත්වයක් ලබා දෙමින් පාසලට ළමුන් ඇතුළත් කර ගන්නා අතර එහිදී දරුවන්ගේ ආර්ථික පසුබිම පිළිබඳ කිසිදු මූලිකත්වයක් දෙනු නොලබන අතර නිර්ධන, මධ්‍යම, හා ධනවත් යන ත්‍රිවිධ ආර්ථික මට්ටම් වලට අයත් දරුවන් මෙම පාසලේ ඉගෙනුම ලබයි. මෙම පාසල තුළ ඉගෙනුම ලබන සියලුම දියණියන් ඉතාම විනයානුකූලව සමාජයට වැඩදායි දියණියන් බවට පරිවර්තනය කිරීමේ මූලික අරමුණ පෙරදැරිව විදුහල්පති පැවිදි සොයුරියන් හා ගුරුමඩුල්ල අඛණ්ඩව කැපවීමෙන් කටයුතු කරනු ලබයි.

